’යුක්තිය’තවත් 955ක් අල්ලයි


(ගයාන් සූරිය ආරච්චි)

යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 ට සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම්  187 ක්, අයිස් ග්‍රෑම්   126 ක්, ගංජා කිලෝ   14 ක් සහ ග්‍රෑම් 700 ක්,  මත්පෙති 136 ක්, 

මාවා ග්‍රෑම්  148 ක්, මදන මෝදක  ග්‍රෑම් 102 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

 සැකකරුවන් 07 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.  නීති විරෝධී වත්කම් විමර්ශන 03 ක් සහ  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 17 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 322 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 42 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවෝ 243 ක්ද සිටිති.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 23 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 14 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.