(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'මිදිගම චින්තක' නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු ත්‍රිරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ රාත්‍රී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 30 ක්,මුදලින් රුපියල් 10200 ජංගම දුරකථන දෙකක් හා ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු තල්පෙ හීනටිගල පදිංචි 37හැවිරිදි පුද්ගලයෙකි

