
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ කිරිසප්පයා පවා ඇබැහිවන තත්වයට විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනයක් බවට පත්ව ඇතැයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (10) පැවසුවාය.
කොළඹ මහ නගර සභා ශ්‍රවණාගාරයේදී අද (10) පැවැති එම නගර සභාවේ නොවැම්බර් මස මහ සභාවේදී නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය එසේ පැවසුවාය.
මත්ද්‍රව්‍යයට ඇබැහිවූ මව්පිය දෙපළක් අත්අඩංගුවට ගෙන සිරගත කළේ යැයි මෑතකදී හමුවූ පොලිසියේ නිලධාරීන් හතර දෙනෙක් පැවසූ බවත් එම මව්පියන්ට දරුවන් සිටින්නේ දැයි ඔවුන්ගෙන් විමසූ බවත් ඇය පැවසුවාය.
එම දෙපළට මාස තුනක දරුවෙක් සිටින්නේ යැයි පැවසූ පොලිස් නිලධාරීන් දරුවගේ ලේවලත් විෂ මත්ද්‍රව්‍ය ඇතැයි කී බවද නගරාධිපතිනිය සාමාන්‍යයෙන් කිරි දෙන අම්මාගේ කිරිවලින් දරුවන්ට එසේ විෂ ශරීරගතවිය හැකි නිසා කිරි හරහා දරුවාට විෂ ශරීරගත වන්නට ඇතිනේද යැයි ප්‍රශ්න කළ බව ද ඇය පැවසුවාය.
දරුවාගේ ශරීරයේ ඇති විෂ මත්ද්‍රව්‍ය සාන්ද්‍රණය අනුව දරුවට මත්ද්‍රව්‍ය දී ඇතැයි පොලිසිය පැවසූ බවත් මත්ද්‍රව්‍යයට පිරිමි පරපුර එකතු වුණා, ඉන් පසුව තරුණ පරපුරත්, ඉන් පසුව කාන්තා පරපුරත් එකතු වූයේ යැයි කථා වූවත් වර්තමානය විට එය වෙනස් වී ඇති බවත් නගරාධිපතිනිය පැවසුවාය.
විෂ මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා ජනාධිපතිතුමා ගෙනයන ‘රටම එකට’ වැඩපිළිවෙළට කොළඹ නගර සභාව එකතු වන බව ද නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.

