’පොහොට්ටුවෙන් එන කිසිදු අපේක්ෂකයකුට තම අභිමතයට වැඩ කරන්න බෑ ’


(චන්ද්‍රසේන ගමගේ) 
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කරන කිසිවෙකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කරන්නට නොදෙන බවත් තම පක්ෂය ජයග්‍රහණය කරනු ලබන ප්‍රාදේශීය සභාවල ප්‍රදේශයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත ජනසභා පිහිටුවා ඒ මගින් සංවර්ධන කටයුතු කිරීම සඳහා පියවර ගන්නා බවත් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.

දූෂණය නැති කිරීම සඳහා තම පක්ෂය සදාචාරාත්මක වැඩ පිළිවෙලක්  හදනවා. අපි බලයේ සිටි අවධියේ අපෙන් වූ වැරදි හා අඩුපාඩුකම් පිළිබඳව අපිට නිසි අවබෝධයක් තිබෙනවා. එම අවබෝධයත් සමඟ අපි අළුත් ගමනක් යනවා.

මෙවර  මැතිවරණය ඉතාමත් දූෂිත මැතිවරණයක් වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් දිනකට රුපියල් 500 දීමනාව යටතේ බඳවා ගත් සේවකයන් යොදවාගෙන මැතිවරණ අල්ලස් ලබා දෙමින් මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කළ බවද හිටපු කථානායකවරයා වැඩි දුරටත් පැවසීය.