(රංජන් කස්තුරි)
පළාත් සභා සඳහා වන නව මැතිවරණ ක්‍රමය පිළිබඳව නැවත සමාලෝචනයක් කිරීමටත් එම සමාලෝචන වාර්තාව රජයට ඉදිරිපත් කිරීමටත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
මහාචාර්ය සුදන්ත ලියනගේ ආචාර්ය සුජාතා ගමගේ, පී.එම්. සිරිවර්ධන, එස් මැදවැව, කුමුදුනු සැමුවෙල්, නීතිඥ ලුවි ගනේෂනාදන්, රෝහණ හෙට්ටිආරච්චි සහ මංජුල ගජනායක යන මහත්වරු එම සමාලෝචන කමිටුව නියෝජනය කරති.
පළාත් සභා සඳහා වන නව මැතිවරණ පනත පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන අතර එහි අඩුලුහුඩුකම් තිබෙන බවට විවිධ මත ඉදිරිපත් වන හෙයින් මෙවැනි සමාලෝචන කමිටුවක් පත්කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.