’දිවයින පුරා චෛත්‍ය 25 ක් ඉදිකරනවා’ - සජිත්


(අංජුල මහික වීරරත්න)


උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි චෛත්‍ය 25 ක්  ඉදිකරන  බව  නිවාස හා ඉදිකිරිම්  අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා  මාධ්‍ය හමුවකදී අද (13) පැවසීය.
 
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 94 වැනි ජන්ම දිනය සිහිපත් කරමින් මෙම වැඩසටහන ආරම්භ කරන බව කී අමාත්‍යවරයා වැවයිල දා ගැබයිල  ගමයිල  පන්සලයි  සංකල්පය අනුව  දා ගැබ කේන්ද්‍ර කරගනිමින් ගම ස්වයංපෝෂිත කරන වැඩසටහනක් අරඹන බවද  කීය.
 
ඒ අනුව පළමු චෛත්‍ය ඉදිකිරීම් ලබන ජුනි 23 වැනිදා අනුරාධපුරයේදී ආරම්භ කර වසර වසරක් ඇතුළත රටපුරා දිස්ත්‍රික් 25 තුළම  චෛත්‍ය 25 ක් ඉදිකිරීමට නියමිත බවද පැවසීය.
 
 සෙත්සිරිපායල බත්තරමුල්ල නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේදි මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර