’කතරගම වෙඩි තැබීම රටේ ආරක්ෂාවේ දුර්වලතාව පෙන්නුම් කරනවා’




නාලක සංජීව දහනායක
 
නීතිය හා සාමය භාර අමාත්‍යවරයාගේ බල ප‍්‍රදේශයට අයත් කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩිතැබීමෙන් රටේ පවතින ආරක්‍ෂාවේ දුර්වලතාවය මැනවින් පෙන්නුම් කෙරෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (13) පැවසීය.
                  

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

කතරගම පූජා භූමියේ වෙඩි තැබීමක් සිදුවුණේ පළමු වතාවටයි. මේක කිසිසේත්ම අනුමත කරන්න බැහැ. පසුගිය පාලන සමයේ දී පාතාලය සී සී කඩ විසිරිලා තිබුණා. සමහර පාතාල නායකයන් විදෙස්ගත වුණා. නමුත් මෙම රජය යටතේ ඒ පාතාලය නැවත මේ රටට ආනයනය කළා. ඒ නිසා අද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යට ගිහිල්ලා ප‍්‍රඩන්ඩත්වය ඉස්මතුවෙලා. පේ‍්‍රමදාස යුගයේදීත් මේ ආකාරයට පාතාලය හිස එසෙවුවා. රජයේ අවශ්‍යතාවය මත පාතාලය ක‍්‍රියාත්මක වන බවද මන්ත‍්‍රීවරයා කීය.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.