ඇමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වයිරසය පැතිර යෑමේ ‘නව කේන්ද්‍රස්ථානය’ බවට පත්විය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යෑම ඊට හේතු වී තිබේ.
අද (24) පස්වරු වනවිට කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 593 කි.
එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන්ගේ ගණන 46,450කි.
"ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන බව පෙනෙන්නට තියෙනවා. ඒ නිසා වසංගතය ව්‍යාප්ත වන නව කේන්ද්‍රස්ථානය බවට ඇමෙරිකාව පත්වීමේ අවදානමක් තියෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාගරට් හැරිස් ප්‍රකාශ කළාය.
‘ද ගාඩියන්’
055

