(යොහාන් භාසුර)
'අස්වැසුම' සුබසාධන ප්‍රතිලාභ සඳහා මීට පෙර අයදුම්පත් ඉදිරිපත් පුද්ගලයන් නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එම වැඩසටහනට මේ දක්වා ඉල්ලුම් නොකළ පවුල් හා තැනැත්තන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමට මේ මස 9 වැනිදා දක්වා කාලය ලැබෙන බවත් සුභ සාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පැවසීය.
පවුලක් වශයෙන් අයදුම් කරන විට පවුලේ සියලුම සාමාජිකයන් නියෝජනය වන ලෙස අයදුම්පත භාර දිය හැකි බවත් එකම පවුලේ තනි තනි පුද්ගලයන් වෙනුවෙන් අයදුම්පත් යොමු කිරීමට ඇතැම් පවුල්වල සාමාජිකයන් උත්සාහ කරන බව වාර්තා වී ඇති බවත් විජේරත්න මහතා කීය.
අස්වැසුම සුබසාධන වැඩසටහනට මීට පෙර අයදුම්පත් යොමු කර පුද්ගලයන්ගේ තොරතුරු මේ වන විටත් එම වැඩසටහනේ තොරතුරු පද්ධතියට ඇතුළත්ව ඇති බව ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.