(දසුන් රාජපක්ෂ)
රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා මෙන් රට ගැන නොතකන අපේ හීරෝලා කොරෝනා පැත්තකට දමා තුනෙන් දෙකක බලයක් ගැනීමට උත්සාහ කරමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇතුකෝට්ටේ පිහිටි එම පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී අද (17) ප්‍රේමදාස කීවේය.
මුළු ලෝකයම නව කොරෝනා වයිරසය නිසා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබියදී මැතිවරණ පිළිබඳ නොව කොරෝනා මෙරටින් ඉවත් කරවීම ගැන රජයේ අවධානය යොමු විය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මේ වන විට නව කොරෝනා වයිරසය පැතිරී ඇති බ්‍රිතාන්‍ය ඔස්ට්‍රියාව ඩෙන්මාර්කය ඇමෙරිකාව වැනි රටවල් ජනතාව ගැන සිතා එම රාජ්‍යයන්වල පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ කල් දමා තිබෙන බව ද ප්‍රේමදාස මහතා අවධාරණය කළේ ය.
ඒ නිසා ජනතාව ගැන සිතා මැතිවරණයකට නොගොස් මුළු රටම විෂබීජහරණයකට ලක් කළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

