’අපරාධ අඩුවෙලා’ - නලීන් බණ්ඩාර


අංජුල මහික වීරරත්න 
 
අපරාධ වැඩිවී ඇතැයි රාජපක්ෂ කල්ලිය කෑ ගැසුවද පොලිසියේ දත්ත වාර්තා විශ්ලේෂණය කරන විට අපරාධ අඩුවී ඇති ආකාරය වටහා ගත හැකි බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.


රාජපක්ෂ කල්ලිය රට පාලනය කළ 2014 වසරේ මිනීමැරුම් 548 ක් වාර්තා වී ඇති අතර යහපාලනය ස්ථාපිත කළ 2015 වසරේදී මිනීමැරුම් ගණන 476 දක්වා අඩුවී ඇතැයි නලීන් බණ්ඩාර මහතා කීය.


2016 වසරේදී මිනීමැරුම් 502 ක්ද 2017 වසරේ මිනීමැරුම් 452 ක්ද වාර්තා වී ඇති අතර 2018 ජනවාරියේ සිට මැයි 31 දක්වා මිනීමැරුම්  214 ක් වාර්තා වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


සංඛ්‍යා ලේඛන නොබලා හිතුමානයේ කටමත දෙඩවීම පරිනත දේශපාලනඥයන්ට ගැලපෙන්නේ නැති බවද නලීන් බණ්ඩාර මහතා කීය.