(නිමන්ති රණසිංහ)
දෛනික ආදායම් අහිමි වූ පිරිස් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ ලබා දීමට කටයුතු කරනු ලබන සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
පවුල් පන් ලක්ෂ හැත්තෑ එක්දහස් අටසිය අනූ දෙකක් (5071892) සඳහා වූ රුපියල් මිලියන විසිපන්දහස් තුන්සිය පනස් නමයක (25359) ක මුදලක් මැයි මස දීමනාව ලෙස ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරිය ස`දහන් කළාය.
සහනාධාර බෙදා දීමේදී වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි අයවලූන් ලෙස හත් ලක්ෂ අනූ හත් දහස් හයසිය තිස් පහක (797,635) ක් ස`දහා රුපියල් මිලියන තුන් දහස් නවසිය අසූ අටක (3988) මුදලක් මැයි මාසය වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරිය පැවසුවාය.
සමෘද්ධි සංවර්ධන නිලධාරී ගමට පැමිණෙන දිනය පෙර දැනුම් දීමෙන් අනතුරුව තදබදය වැලැක්වීමේ අරමුණීන් එක් වරකට පවුල් 100ක් සදහා පමණක් මෙම සහනාධාරය බෙදා දීමට කටයුතු කරනු ඇතැයි ද අමාත්‍යවරිය ස`දහන් කළාය.
විශේෂයෙන්ම ලෝකයේ ආර්ථිකය අඩපන වී ඇති අවස්ථාවක ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත නගා සිටුවීම හා ආර්ථිකය පන ගැනීමට රුපියල් මිලිය 25,000කට අධික මුදලක් මෙවර මැයි මාසය ස`දහා රජය විසින් වෙන් කර ඇතැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරිය මේ බව ස`දහන් කළාය.

