අංජුල මහීක වීරරත්න
2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පක්ෂ නායකත්වය බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධය හමුවකදී අද (4) පැවසීය.
2020 ජනාධිපතිවරණයේ දී තම පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාදැයි මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදි ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිමට යන හෙයින් අභියෝගයක් නැති දැයි ඇසු පැනයකට පිළිතුරු දෙමින් අකිල විරාජ් ඇමැතිවරයා සඳහන් කළේ කිසිදු අභියෝගයක් නැති අතර 2015 වසරේදී මාධ්‍යවේදීන් එවැනි ප්‍රශ්න ඇසු බවයි.
එදාත් කිසිඳු අභියෝගයක් නැති බව පැවසු අයුරින්ම තම අපේක්ෂකයා පත්කර ගත් බව ඇමැතිවරයා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
(ජයමාල් චන්ද්‍රසිරි)