මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, පාදඩ දේශපාලඥයන්ට නාමයෝජනා දෙන කිසිම පක්ෂයක් සමග එක්ව කටයුතු නොකරනබව ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියෝ මිරිගම දී කීහ.
පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් හිමියෝ මී බව ප්‍රකාශ කළහ.
‘‘ බ්‍රිතාන්‍යයන්ගෙන් පස්සේ මේ රටට නායකත්වය දුන්නේ සේනානායකලා, බණ්ඩාරනායකලා වගේ ඉඩම් හිමි ප්‍රභූවරු. නමුත් මනාප ක්‍රමයෙන් ලංකාවේ විශාල වෙනසක් ඇතිවුණා. මේ නිසා පාර්ලිමේන්තුවට ගියේ බලයයි, සල්ලියි තියෙන අය විතරයි. මේ ක්‍රමයෙන් පැරදුණු අයත් පාර්ලිමේන්තුවට ගියා. මනාප ක්‍රමයෙන් පාර්ලිමේන්තු යන්න පුළුවන් වුණත් ලොකු පක්ෂවලින් පාර්ලිමේන්තුවට ගියේ සල්ලි තියෙන කෙරුම්කාරයන් විතරයි. බාර්දාගෙන, එන්.ජී.ඕ. සමග එකතුවෙලා, කුඩු බිස්නස් කරලා එහෙමත් නැත්නම් දේශපාලනයෙන් කොරකම් කරලා තක්කඩි දේශපාලනයේ නිරතවෙමින් සල්ලිකාරයන් වෙච්ච අය පාර්ලිමේන්තු යන මේ ක්‍රමය වෙනස් කරනන් ඕනෑ. පසුගිය කාලේ දූෂිත මැති ඇමතිවුරු, වැඩක් නොකළ අය ඉවත් කිැරීම අවස්ථාව ඉදිරියේ දී ජනතාවට ලැබෙනවා.
එක්සත් ජාතික පක්ෂයත් වැඩ කරන්නේ මේ විස්ස සම්මත නොවන තැනට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දන්නේ නැහැ තම පක්ෂය පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වූ බව. අපි වැඩකරන්නේ හෙළ උරුමේ විදියට හිතලා නොවෙයි. රටේ ආණ්ඩුක්‍රමයේ වෙනසක් ඇතිකරන පුළුල් ජාතික බලවේගයක් ලෙස. මේ වෙනුවේන අපි පෙනී සිටිනවා.

