(සුජිත් හේවාජුලිගේ )
යුද හමුදාවේ ගොඩනැගිලි සහ සංචාරක හෝටල්ද කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන මධ්‍යස්ථාන වශයෙන් ඉදිරියේදී යොදා ගැනීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි .
මුලින්ම එම කටයුතු සඳහා යුද හමුදාවේ ගොඩනැගිලි යොදා ගන්නා බවත් ඒවා ප්‍රමාණවත් නොවුණහොත් සංචාරක හෝටල්ද ඒ සඳහා යොදා ගන්නා බවත් යුද හමුදාපතිවරයා කීය.
කොග්ගල ප්‍රදේශයේ සංචාරක හෝටල් කීපයක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස දැනටමත් යොදාගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වේ යැයි අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින යුද හමුදාපතිවරයා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් පද්ධතිවල ධාරිතාව ද වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි පැවසුවේය .

