(විනීතා එම් ගමගේ)
සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එක් කර පවතින තත්ත්වයට විසඳුම් සෙවීමට පියවර ගන්නා ලෙස යෝජනා කළත් රජය මේ වනතුරුත් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු වුවත් මේ වනතුරුත් එවැන්නක් සිදුවී නැතැයි ද හෙතෙම කියා සිටියේය.
දෙසතියක් රැස්වීම් තහනම් කර ඇති වටපිටාවක මේ මස 19 වැනිදා දක්වා නාම යෝජනා භාර ගැනීම කොයි තරම් දුරට ප්‍රායෝගික වන්නේ දැයි විමසා සිටි ඔහු පවතින තත්ත්වය තවත් බරපතල වන්නට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග වහා ගත යුතු යැයි ද කියා සිටියේය.
විශේෂයෙන් මැතිවරණයට වැය කරන්නට ඇති මුදල් වැය කර කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමට සියලු පියවර ගත යුතු යැයි ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ ඇතුල් කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

