‘‘සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න‘‘


(නිමල කොඩිතුවක්කු)

අවම සේවක සංඛ්‍යාවක් යොදවමින් හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි සමස්ථ ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලිමක් කරයි.

කොරෝනා රෝගය හේතුවෙන් හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ලිපියක් යොමුකරමින් ඔවුන් මෙම ඉල්ලීම් සිදුකරනු ලබයි.

හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ ආර්ථික සුරක්ෂිතතාවයද ඇති කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම,  ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලින් 1/3 ක් හෝ ප්‍රමාණවත් අවම ප්‍රමාණය පමණක් යෙදවීම, හෙද හෙදියන්ගේ හා කාර්ය මණ්ඩලවල ණය වාරික අයකරගැනීම මාස 06 කට අත්හිටුවීම, මතුව ඇති ප්‍රවාහණ ගැටලු නිරාකරණය කිරීම, ප්‍රවාහන ගැටළු නිසා සේවයට පැමිණීමට නොහැකිව සිටින හෙද හෙදියන්ට රාජකාරී නිවාඩු ලබා දීම, ගර්භණී කාර්ය මණ්ඩල සඳහා රාජකාරී නිවාඩු ලබාදීමට කටයුතු කිරීම එම ඉල්ලිම් අතර වේ.