‘‘සීනි බදු අඩු කිරීමෙන් පාඩුවක් සිදුවී නෑ‘‘


(සුජිත් හේවාජූලිගේ,අංජුල මහික වීරරත්න)

සීනි සඳහා බදු අඩු කිරීමේදී කිසිදු වංචාවක් වී නැති බවත් එම බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ක්ෂණිකව නොගියත් ඔවුනට යම් සැළකියයුතු වාසියක් ලැබී ඇති බවත් මුදල් රජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

බදු අඩු කිරීමේදී කිසිදු වැරැද්දක් නැතැයි ද ඔහු කීය.

බොරුකීම විපක්ෂයේ අද එකම ආයුධය බවත් විපක්ෂයේ බොරුවලට නොරැවටෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.