(සුජිත් හේවාජුලිගේ )
එදිනෙදා හම්බ කරගෙන ජීවත්වෙන විශාල පිරිසක් රට මේ ආකාරයට වසා දැමීම ගැන දැඩි විරෝධය මතු කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
තමාට දිනපතා ලැබෙන දුරකථන ඇමතුම් වලින් ඒ බව පැහැදිලි වන්නේ යයිද යුද හමුදාපතිවරයා කීය.
එදිනෙදා ජීවනෝපාය කරගෙන යන ඒ ජනතාවගේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් ඇතත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව මේ ආකාරයට කටයුතු කිරීමට සිදු වූ බව කී ශවේන්ද්‍ර සිල්වා මහතා එම වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව දිගටම කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
රජය විසින් පනවනු ලැබූ සංචරණ සීමා නීතිවලට ජනතාව ඉතා හොඳින් අවනතව කටයුතු කරන තත්වයක් පෙනෙන්නට තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් තමා පොදුවේ සියලු ජනතාවට ස්තුතිය පුද කරන බවත් ඔහු සඳහන් කළේය.
සියලු දෙනා එකතු වුවහොත් කොරෝනා සතුරා පරාජය කිරීම අපහසු නැතැයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

