‘‘ශ්‍රී ලංකාවේ ශාක 170ක් සොයාගන්නට නෑ“


ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ශාක විශේෂ අතරින් 170ක් පමණ දශක කිහිපයක සිට සොයාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ඉන් ශාක විශේෂ පහක් ස්ථිරවශයෙන් ම වඳවී ගොස් ඇතැයි ද උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ඇති මල් පිපෙන හෙවත් සපුෂ්ප ශාකවලින් සියයට 44ක් පමණ දැනටමත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බවයි.

ආචාර්ය විජේසුන්දර මහතා පවසන්නේ එම ශාකවලට අත්‍යාවශ්‍ය වූ පරිසර පද්ධතීන් සීඝ්‍රයෙන් විනාශවන බැවින් මෙවැනි ශාක විනාශ වෙනිම් පවතින බවයි. ඒවා විනාශනොවී බේරාගැනීමට නම් ශාක බෝවන පරිසර පද්ධති හෙවත් වාසස්ථාන රැකබලා ගැනීමට කටයුතු කිරීමට උනන්දුවිය යුතු බවත් ඒ මහතා පවසයි. වඳවී යමින් පවතින ශාක හඳුනාගෙන සංරක්ෂණය කිරීමටත් ඒවා උද්භිද උද්‍යානවල රෝපණය කැර බීජ හා පටක රෝපණයෙන් නව ශාක බිහිකර ව්‍යාප්තකිරීමට තැත් කළ යුතු බවත් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා කියයි.