( තිළිණි ද සිල්වා )
රත්නපුර වේ ගගේ මැණික් කැණීම සඳහා අවසර දීමට මැණික් හා ස්වරණාභරණ අධිකාරිය තීරණය කර තිබේ.
මේ යටතේ දෑල පාලම සිට එරබද්දාව දක්වා ගඟ ඉහළට මැණික් කැණීමට අවසර ලබා දෙන බව මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කළේය.
නව ක්‍රමවේදයක් යටතේ කැබලි 53කට බෙදා ගං දැලේ මැණික් කැණීමට අවසර දෙන බව ද ඔහු වැඩිදුරටත් කීය.
දිගු කාලයක සිට වේ ගගේ නීති විරෝධී මැණික් ගැරීම් සිදුවූ බව සභාපතිවරයා පැවසුවේය.මේ හේතුවෙන් ගඟ ආශ්‍රිත පරිසර පද්ධතියට ද දැඩි බලපෑම් එල්ල වී තිබිණි.

