එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල අයවැය කාරක සභාවේ දී ශ්‍රී ලංකාව විසින් සමලිංගික අයිතිවාසිකම් පිලිගෙන ඇති බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කරණ ප්‍රකාශය අසත්‍යයක් බව රජය පවසයි.
අයවැය කාරක සභා අවස්ථාවේ දී සිදුවූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරණ සේවකයින්ගේ වරප්‍රසාදවලට අදාල වූ පනතක් සසම්මත කැර ගැනීම පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කීවේය. එහිදී එම සේවකයන්ට අදාල ප්‍රඥප්ති ප්‍රකාරව අදාල වරප්‍රසාද ලබාදීමට හැකිය යන ස්ථාවරයේ ශ්‍රී ලංකාව සිටි බවත් සම ලිංගික යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කිසි විටෙක පෙනී නොසිටි බවත් හෙතෙම කීය.
මේ රටේ ජනතාව නොමග යැවීමට විමල් වීරවංශ ඇතුළු පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හරය නොදැන අසත්‍ය ප්‍රකාශ කරන බවත් පුරා අවුරුදු දහයක් එලෙස ජනතාව නොමග යැවූ බවත් අමාත්‍යවරයා කීය.

