‘‘වැසිය යුතු ප්‍රදේශ ක්ෂණිකව වහනවා‘‘


(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට තිබෙන්නේ තීරණාත්මක සන්ධිස්ථානයක යයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ආසාදිතයන් වාර්තාවීම 1500 දක්වා මට්ටමට පැමිණ ඇති බවත් ඉදිරි සතිය දෙක වන විට මීට වැඩි අගයක් ගැනීමට ඉඩ ඇති බවත් යුද හමුදාපතිවරයා කීය.

ප්‍රභේදයේ තත්වය අනුව රට සැලකිය යුතු මට්ටමක පවතින්නේ යැයි කී සිල්වා මහතා මෙය තිබිය යුතු තත්ත්වයක් නොවේ යැයි ද ප්‍රකාශ කළේය.

කොවිඩ් පැතිරී ඇති ප්‍රදේශ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුම් දුන් වහාම එම ප්‍රදේශ හුදකලා කරන බවත් මේ වතාවේදී එසේ හුදකලා කරන ප්‍රදේශ කල්තියා දැනුම් දීමට හැකියාවක් නැති බවත් ඔහු පැවසුවේය .

යම්කිසි ප්‍රදේශයක් හුදකලා කිරීමට අවශ්‍ය වුවහොත් එය වහාම කරන බවත් රටම වසා දැමීමට කිසිසේත් ම බලාපොරොත්තුවක් නැති බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.