‘‘ව්‍යාපෘතිය අසාර්ථක නම් මුදල් නෑ‘‘


(සුජිත් හේවාජුලිගේ)

ව්‍යාපෘතියක්  අසාර්ථක වුවහොත් ඒවාට මුදල් ලබාදීම නවත්තන බව  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

ව්‍යාපෘති සඳහා ඉදිරි අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන බවත් මුදල් වෙන් කරන්නේ ව්‍යාපෘතිවල ප්‍රගතිය කාර්තුවෙන් කාර්තුවට නිරීක්ෂණය කිරීමෙන් පසුව බවත්  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

සාර්ථකත්වයක් නොපෙන්වන ව්‍යාපෘති සඳහා මුදල්  නැවත වෙන් නොකරන බවද හෙතෙම සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ඊයේ (12) පැවති සාකච්ඡාවකදීය.

රටේ   ආහාර හිඟයකට ඉඩ නොතබන බව මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.