‘‘වසර පහට වාහන ලක්ෂ 25ක් ආනයනය කරලා‘‘


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීකවීරරත්න)

යහපාලන රජය පැවැති 2015 සිට 2019 දක්වා වසර පහේදී රුපියල් කෝටි එක්ලක්ෂ විසිතුන් දහස් නවසියයක් පමණ වටිනා වාහන 25,15.546ක ආනයනය කර ඇතැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා එසේ කීය.

2015 වසරේ වාහන  647444ක් ද, 2016 වසරේදී වාහන 469304ක් ද, 2017 වර්ෂයේදී  වාහන 460201ක්ද, 2018 වර්ෂයේදී 494488ක් ද 2019 වසරේදී 344059 මෙලෙස වාහන ආනයනය කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම වාහන රටවල් 103කින් ආනයනය කර ඇතැයි ද කබ්රාල් මහතා කියයි.

වත්මන් රජය වාහන ආනයනය සීමා කිරීමට තීරණය කළේ කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණන් යුතුව යැයි කී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වසරේ අගදී සලකා බලන බව ද සඳහන් කරයි.