‘‘ලුසී‘‘ නිදහස් කරන්න,තරුණයෝ ඉල්ලති


කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව රඳවා සිටින ‘‘ලුසී‘‘ නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ පිරිසක්  කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද නිහඩ විරෝධතාවයක් පැවැත් වූහ.

එහිදී ලුසී නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා කැනඩාවේ අගමැතිවරයාට යැවීම සදහා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයට සංදේශයක් බාරදීමට කටයුතු කළේය.

(ශාන්ත රත්නායක)