‘‘ලකුණ එපානම් ඉක්මණින් කියන්න‘‘


කිසියම් දේශපාලන පක්ෂයකට මහ මැතිවරණය සඳහා තම ඡන්ද ලකුණ වෙනස් කිරීමට අවශ්‍යනම් ඒ බව ලබන සෙනසුරාදා (04) ට පෙර මැතිවරණ කාර්යාලයට දැනුම් දිය යුතුයැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. යම් පක්ෂයක් තවත් කණ්ඩායම් සමග සන්ධාන ගතවී තරඟ කරන්නේ නම් ඒ බව ද කඩිනමින් දැනුම් දිය යුතු බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.