(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු කතාවෙන් කළේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්නැයි යන ඉල්ලීම යැයිද එය නොතේරුණු දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ සිටීම ජාතියට අහිතකර කාරණයක් යැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රටේ මූලික නීතිය පසෙක දමා රට පාලනය කරන විට කිසිම රටක් ලංකාවට ණය ආධාරයක්වත් නොදෙනු ඇති බව කී අබේවර්ධන මහතා එයින් පාඩු වන්නේ පටු දේශපාලන වාසි බලාගෙන කෑ ගසන දේශපාලකයන්ට නොව අහිංසක ජනතාවට බවද සඳහන් කළේය.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා කීවෙි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාව නොතේරුන සමහර අය හමුදාවට දොස් කිව්වා යැයි චෝදනා කර තිබු බවත් එවැනි දේ කියන්නේ ඔවුන්ගේ නොතේරුම් කම නිසා බවත්ය.රටක් පාලනය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව බව සියලු දෙනා සිහි තබාගත යුතුයැයි ද අබෙිවර්ධන මහතා පැවසීය .

