‘‘රනිල් අගමැතිකම නොගත්තා නම් රටම අමාරුවේ‘‘


(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාර ගෙන ආර්ථිකය හැදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැතිනම් රටෙි සියලුම ජනතාවට දැඩි අසීරුතාවකට මුහුණදීමට සිදුවෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර බාර ගත්තේ රටේ ආර්ථිකය හදන්න බව කී විජයවර්ධන මහතා ලබන සතිය වන විට රටේ තිබෙන ඩොලර් නැත්තටම නැති වීමට නියමිතව තිබු බව සඳහන් කළේය.

මෙය එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු හැදීමක් හෝ වෙන කාගෙවත් ආණ්ඩු හැදීමක් නොව පාර්ලිමේන්තුව මුල් කරගෙන හදන ආණ්ඩුවක් යැයිද ඒ නිසා සියලුම පක්ෂ නියෝජනය වන ලෙස ආණ්ඩුව හැදීමට බලාපොරොත්තු වෙන බවද එජාප නියෝජ්‍ය නායක වරයා කීය.