‘‘රනිල් - සජිත් එකතු විය යුතුයි‘‘


(ෂේන් සෙනෙවිරත්න)

රනිල්-සජිත් එක්ව මේ මොහොතේ  ගමනක් යා යුතු යැයි  ජනතාව යෝජනා ඉදිරිපත් කරන බව   මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය.

මේ අවස්ථාවේ සියලු පක්ෂ නායකයන් ජාතික වැඩපිළිවෙළක් සඳහා එකතු විය යුතු මොහොතක් බව ද මන්ත්‍රීවරිය පැවැසුවාය.

රටේ අනාගතය හා ජනතාව වෙනුවෙන් රනිල් - සජිත් එකට එකතු වී ගමනක් යා යුතු බවත් එය රටේ අනාගතය වෙනුවෙන් සිදුවිය යුතු ජාතික අවශ්‍යතාවයක් බව ද අවධාරණය කළේය .

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සේම මේ අවස්ථාවේදී සියලු පක්ෂ පොදු වැඩපිළිවෙළකට එකතු වී රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම වැදගත් බව ද අවධාරණය කළාය. ජාති, ආගම් හා පක්ෂ වශයෙන් බෙදී නොසිට වසර 25 ක් සඳහා හෝ රට ඉදිරියට ගෙන යාමේ ජාතික සැලසුමක් රටට අවශ්‍ය කරන්නේ යැයි ද ඇය කීවාය.