(නිමන්ති රණසිංහ)
පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතින බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
විශේෂයෙන්ම බස්නාහිර පළාත සහ කොවිඞ් උවදුර සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින පළාත්වල මෙම සංචරණ සීමා පැනවීමට හැකියාව ඇති බවත්, කිසිදු අයුරකින් රට වසා දැමීමේ සූදානමක් මෙතෙක් නොමැති බවත් යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.
එසේ සංචරණ සීමා පැනවුවද අත්‍යාවශ්‍ය සේවා, භාණ්ඩ, ඇඟලූම් කර්මාන්ත ශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය, වරාය ආශ්‍රීත කර්මාන්ත සම්බන්ධ සේවා වැනි රටේ ජනතාවගේ ජීවනෝපායමාර්ගයන්ට අදාළ ප‍්‍රවාහන සේවා සදහා එය බල නොපැවැත්වෙන බව ද යුධ හමුදාපතිවරයා කියයි
පළාත් අතර සංචරණ සීමා පැනවීම සඳහා මේ වන විට අවධානය යොමුව ඇත්තේ විනෝද චාරිකා, උත්සව වැනි අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන්වල යෙදෙන ජනතාව ඉන් වළක්වා කොවිඞ් වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා බව ද යුධ හමුදාපතිවරයා ප‍්‍රකාශ කළේය.

