‘‘රට වැටෙන්නට ප‍්‍රධාන හේතුව රටේ ආණ්ඩු ගණනාවක් පැවැතීමයි‘‘


(විනීතා එම්. ගමගේ)

මාධ්‍ය හා ජනතාව කතා කරන මොන වීරයා විස්සයි විස්සේ මේ රට බාර ගත්තත් රටේ විප්ලවීය වෙනසක් නොකළහොත් රට ගොඩ ගත නොහැකි යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රට වැටෙන්නට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ රටේ ආණ්ඩු 10ක් 15ක් පැවැතීම යැයි ද ජනාධිපතිවරයා කීය.

මේ තත්ත්වය වහා හදා නොගතහොත් රට කොහෙන් කෙළවර වේදැයි කිව නොහැකි වන බව ද සිරිසේන මහතා පැවසීය.

රාජ්‍ය ආදායම පුළුල් ලෙස රජයට ලැබෙන ආයතන කිහිපයක මහා පරිමාණයෙන් වංචාව හා දුෂණය පවතින බවත් බලයට පත්වෙන කිසිදු රජයක් ඒවාට අත නොතියන බවත් හෙතෙම සඳහන් කළේය.

එම ආයතනවල වංචාව දූෂණය නැති කළහොත් අයවැය පරතරය පියවා ගන්න ඒ සල්ලි ප‍්‍රමාණවත් වන්නේ යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (28) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික මහ සභා රැස්වීම අමතමිනි.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා