‘‘රජය මන්ත්‍රීන්ට දුන් පොරොන්දු කඩලා “


නව රජය ඉදිරිපත් කළ අයවැයෙන් මන්ත්‍රීවරුන්ට දුන් පොරොන්දු කඩකැර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හොරණ දී කීවේය.

‘‘අලුත් ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් මන්ත්‍රීවරයකුගේ රුපියල් ලක්ෂ 50ක ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 100 දක්වා වැඩිකරනවා කිව්වා. නමුත් දැන් ජූලි මාසයත් ලංවෙලා ඒ පොරොන්දු ඉටුකරලා නැහැ. මේ වර්ෂයේ විමධ්‍යගත අරමුදල් ලැබෙන බව පේනතෙක් මානයකවත් නැහැ. අපේ යෝජනා අරගෙන සල්ලි දෙන්නේ නැහැ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මුදල් ඇමතිතුමාත් මේ ගැන සොයා බැලිය යුතුයි. මන්ත්‍රීවරුන්ට ගමට නගරයට වැඩක් කරලා ගෞරවය ආරක්ෂාකරගන්න මේ විමධ්‍යගත අරමුදල් ලැබිය යුතුයි.“