
(තිලකරත්න දිසානායක)
"යුක්තිය "මෙහෙයුම ආරම්භ නොවූයේ නම් ශ්‍රී ලංකාව චිකාගෝවක් වීමට තිබූ බව අමාත්‍ය ටිරාන් අලස් මහතා අද ගම්පහ , නයිවලදී පැවසීය.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු උසස් පොලිස් නිලධාරීන්ගේ සහභාගිතත්වයෙන් , ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස්ථාන 19 කට අයත් ප්‍රජා පොලිස් කමිටු 709 ක නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා එසේ පැවසීය.
මෙහිදී අමාත්‍යවරයා තව දුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තරය මොනවා ප්‍රකාශ කළද මෙරට මත් ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ " යුක්තිය" මෙහෙයුම කිසිසේත් නතර නොකරන බවත් ලබන ජූනි 30 වෙනි දින වනවිට මෙම මෙහෙයුම හේතුවෙන් රටේ විශාල වෙනසක් සිදුවන බවත් නිලධාරීන්ට කටයුතු කිරීම පිනිස තමන් පොලීසියට හොද ශක්තියක් ලබාදී ඇති බවත්ය.


