‘‘මීට වඩා දෙගුණයක් සෙනඟ අපි කොළඹට ගෙනල්ලා පෙන්වනවා‘‘


(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

ඒකාබද්ධ විපක්ෂය කොළඹට කොච්චර සෙනඟක් ගෙනාවත් අප බය වෙන්නේ නැහැ.අප මීට වඩා දෙගුණයක් සෙනඟ කොළඹට ගෙනල්ලා පෙන්වනවා‘‘ යැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය.

අලවතුවල මහතා මේ බව පැවැසුවේ තැපැල් කාර්යාල ආඥා පනත යටතේ ව්‍යවස්ථා පිළිබඳ විවාදයේදීය.

ජේ.සී.අලවතුවල මහතා මෙසේද කීවේය.

   “මෙයාලා කොළඹට සෙනඟ ගෙනාවේ අල්ලස් දීලයි.මත්පැන් අරක්කු බෙදලයි.සෙනඟ පෙන්නලා බලය ගන්න බැහැ.හිටපු පාලකයින් කරපු දේවල් ජනතාවට අමතක නැහැ.මහින්ද අද හැම පෝයටම සිහින දකිනවා.ජනතාවට ජයග්‍රහණ දුන්නේ යහ පාලන ආණ්ඩුවයි.මේ ආණ්ඩුව පෙරළන්න ශක්‍රයාටවත් බැහැ.