රංජන් කස්තුරි
මරණ දඬුවමට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. මරණ දඬුවම දීලා රටේ කුඩු නැති කරන්න බැහැ.ඒක නිශ්ඵල දෙයකැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් කිසිම රටක අපරාධ අඩුවී නැතැයිද මංගල සමරවීර මහතා කීය.
ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා මෙසේද පැවසීය.
‘‘මරණ දඬුවම ක්‍රියාත්මක කරා කියලා රටේ කුඩු නැති කරන්න බැහැ.ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා.ඒත් ඒ ප්‍රාන්තවල අපරාධ එන්න එන්නම වැඩිවෙනවා.කුඩු හෑල්ලුවට ගන්න බැහැ. මම කුඩු වලට තදින්ම විරුද්ධයි.‘‘