‘‘මගී බස් ධාවනයට නව බලපත්‍රයක්‘‘


(නිමල කොඩිතුවක්කු)

දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන බස් රථ සඳහා නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව බර වාහන රියදුරු බලපත්‍රය ලබාගැනීමෙන් පමණක් මින් ඉදිරියට මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි බවත් ඒ වෙනුවට මගී ප්‍රවාහන රියදුරු බලපත්‍රයක් අලූතින් හදුන්වාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සියලුම මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට සති දෙකක පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව මෙම නව රියදුරු බලපත්‍රය ලබා දෙන බවත් ඔහු කියයි.

ලංකා ගමනාගමන මණ්ඩලය, ආරක්ෂක අංශ එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කරන බවත් අමුණුගම මහතා කියා සිටියේය.