පරිපුරක වෛද්‍ය සේවක වර්ජනය නිසා බෙහෙත් හිඟයක් ඇති වුවහොත් ඉබි යතුරු කඩා බෙහෙත් ලබා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිත අවසරයක් ලබා දී ඇතැයි කාල්ල කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. දැනටත් ඇතැම් ඖෂධ හිගයක් පවතින බැවින් සඳුදා ඒ ගැන තීරණයක් ගන්නා බව ද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් රජයේ ඔෟෂධ වේදීන්ගේ අජිත් තිලකරත්න මහතා පවසන්නේ ඇතැම් ඔෟෂධ නිකුත් කිරිමෙන් ඖෂධවේදීන් වැළකී සිටිය ද හදිසි හා අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන බවයි. එසේ තිබිය දී කරාපිටිය රෝහලේ අමුතු ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩක් නැතැයි ද හෙතෙම පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ යම් රෝහලක ඖෂධ ගබඩා කඩා බෙහෙත් ගන්නේ නම් එම රෝහලේ හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා වලින් ද ඉවත්වන බවයි.

