
(නිමල කොඩිතුවක්කු)
පෞද්ගලික බස් රථ සේවකයන්ගේ බරපතළ හිඟයක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (19) පැවසීය.
කොරෝනා හේතුවෙන් ගම්බිම් බලා ගිය බස් රථ සේවකයන් යළි සේවයට වාර්තා නොකිරීම සහ බස් රථවල ආදායම අඩුවීම හේතුවෙන් බස් රථ සේවකයන් සේවයට වාර්තා නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හෝ ප්‍රවාහන අධිකාරියේ පුහුණුවකින් පසු බස්රථ සේවකයන් බඳවා ගන්නා බැවින් හදිස්සියේ බස් රථ සේවකයන් සේවයට බදවා ගැනීම ගැටලුවක් වී ඇතැයි ද විජේරත්න මහතා පැවසීය.
කොරෝනා වසංගතයෙන් පසුව බස් රථ වල ආදායම යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බැවින් ඉදිරියේ දී මෙම ගැටලුව විසඳෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

