‘‘පුරාවිද්‍යාත්මක ස්ථාන හඳුනාගැනීම ගැටළුක්“


ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරිම ගැටළුවක් නැතත් ඒවා ගවේෂණය කරමින් හඳුනාගැනීම විශාල ගැටළුවක් වී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන 250,000 ක් පමණ ඇතත් තවමත් ගවේෂණය කැර හඳුනාගෙන ඇත්තේ 20,000ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් බවයි. ලෝකයේ පුරාවිද්‍යාත්මක ස්ථාන වැඩිම ඝනත්වයක් එනම් එක් වර්ගඵලයක වැඩිම පුරාවිද්‍යාත්මක ස්ථාන සහිත රට ශ්‍රි ලංකාව බවත් ආචාර්ය දිසානායක මහතා කීවේය.