(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු කොමිෂන් වාර්තාව අද වන විට ඕපපාතික වාර්තාවක් බවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා(ජාජබ)පාර්ලිමේන්තුවේදී පැවසීය.
"කොමිසම පිහිටවනු ලැබූ හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ පක්ෂයත් මේ වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව කියනවා. එමෙන්ම මෙහි වින්දිතයන් ද මාධ්‍ය හමු පවත්වමින් කොමිෂන් සභා වාර්තාව විවේචනය කරනවා.
මෙම වාර්තාව සත්‍ය කරුණු වලින් ගහන වී තිබෙනවා. එමෙන්ම සත්‍ය කරුණු මතින් වැරදි නිගමනයන්ට එළඹ තිබෙනවා. යම් විකෘති වූ කරුණු ද මෙහි අඩංගු වී තිබෙනවා. කොමිසම විසින් හෙළිදරව් කළ යුතු බොහෝ කරුණු මෙම වාර්තාවෙන් අතුරුදන්වී තිබෙනවා. අපගේ ස්ථාවරය එයයි.
|
|

