(සුජිත් හේවාජූලිගේ සහ අංජුලමහීක වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තමා කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එවැනි බිහිසුණු ප්‍රහාරයකට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් ප්‍රහාරය ගැන කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එය මඟ හැරීමට තරම් මිලේච්ඡයකු නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සහරාන් වරෙන්තු කරුවෙක් නම් ඔහු ඇල්ලීම පොලිසියට අයිති කාර්ය භාරයක් මිස ජනාධිපතිවරයට අයිති වැඩක් නොවන බව කී හිටපු ජනාධිපතිවරයා සහරාන් අත්අඩංගුවට නොගත්තේ ඇයිදැයි කොමිසම සොයා බැලිය යුතු බව ද කියයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන පසුගිය රජය සාමූහික වශයෙන් වගකීම බාර ගත යුතු බව පැවැසූ මෛත්‍රීපාල මහතා සිද්ධිය වූ අවස්ථාවේ දි පැවැති දුර්වලතා හා අඩුපාඩු පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍යම කරුණක් බව අවධාරණය කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

