‘‘පාස්කු ප්‍රහාරකයනට බේරුමක් නෑ‘‘


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය .

මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා දැනටමත් කටයුතුකරගෙන යන බවත් ඒ කටයුතු වලට රජය කිසිවිටකත් බලපෑම් නොකරන බවත් අගමැතිවරයා කීය

පාස්කු ප්‍රහාරයෙන් මියගියසහ තුවාල ලැබූ සියලු දෙනාට ශෝකය පළ කරන බව ද ඔහු සඳහන් කළේය

අගමැතිවරයා මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී අදට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි .