(නිමල කොඩිතුවක්කු සහ නිර්මානි ගුණරත්න)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ලබාදුන් නියෝගය අවලංගු කර සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කරගනිමින් කොරෝනා වයිරසය මැඩපැවැත්වීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
මැතිවරණය සඳහා වැයකිරීමට තිබෙන මුදල් කොරෝනා වයිරසය මැඩපැවැත්වීමට යොදවන ලෙසද ඔහු සඳහන් කළේය.
මහජන රැස්වීම්, පත්‍රිකා බෙදීම, ගෙයින් ගෙට යාමේ වැඩසටහන් නොමැතිව ඡන්ද ව්‍යාපාරයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
විපක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානමින් සිටින බවත් පැවසූ ප්‍රේමදාස මහතා කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

