‘‘පරිසර විෂය බෙදුවොත් සිදුවන්නේ විනාශයක්“


පරිසරය සම්බන්ධ සියළු විෂයයන් හා රාජ්‍ය ආයතන සියල්ල එකම අමාත්‍යාංශයකට ගන්නැයි රජයට බලකරන බව පරිසර සංවිධාන එකමුතුව පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංවිධාන කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙන වෙනම අමාත්‍යාංශ ලෙස පැවතීමෙන් ගැටළු රැසක් ඇතිවන බවත් ඔවුන් පෙන්වාදෙයි.

දින සියයේ පාලන කාලයේ දී ද මේ වරද ඒ ආකරයෙන් ම පැවති බවත් පාර්ලිමේන්තුව විසුරුවාහරින අවස්ථාව වනවිට පරිසර අමාත්‍යවරයා ජනාධිපතිවරයා වුව ද වනජීවී දෙපාර්තමේන්තුව සංචාරක අමාත්‍යාංශය යටතේ තිබූ බවත් පරිසරවේදීන් පවසයි.

පරිසර සංවිධාන එකමුතුවේ සාමාජිකයන් පෙන්වාදෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, මැණික් හා පතල් කාාර්යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව එකම අමාත්‍යංශයක් යටතේ තිබිය යුතු බවයි. ඒවා බෙදා වෙන්කැර පාලනය කිරිමෙන් මෙරට පරිසරයේ සුරක්ෂිතතාව තහවුරු කළ නොහැකි බව ද ගැටළු රැසක් ඇතිවන බව ද ඔවුහු කියති. ච්ඡාවක් කැඳවමින් එම සංවිධාන කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව.

Urge to bring Env.Agencies under one roof 2