‘‘නීතී විරෝධිව අධ්‍යාපන පරිපාලන තනතුරු දීලා ‘‘ - ජෝසෆ් ස්ටාලින්


( දයාරත්න ඇඹෝගම)


අධිකරණ නියෝගයක්  පවා තිබියදී එය නොතකා හරිමින් දේශපාලන පලි ගැනීම් මුවාවෙන්  නීති විරෝධිව අධ්‍යාපන  පරිපාලන තනතුරු පත්වීම් දෙසිය අසු පහක්  (285) හා විදුහල්පති තනතුරු පත්වීම් අට සියයක් (800) සදහා තම ගැත්තන් පත්කර ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදි ඇතැයි ලංකා ගුරැ සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා අනුරාධපුරයේදි පැවසිය.


ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා  මේ බව ප්‍රකාශ කලේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලේ ශ්‍රවණාගාරයේ පැවැති  ලංකා ගුරැ සංගමයේ අනුරාධපුර  දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි. 


අධිකරණ නියෝගයක්  පවා තිබියදී එය නොතකා හරිමින් දේශපාලන පලි ගැනීමි මුවාවෙන්  නීති විරෝධිව අධ්‍යාපන  පරිපාලන තනතුරු පත්වීම් දෙසිය අසු පහක්  (285) හා විදුහල්පති තනතුරු පත්වීම් අට සියයක් (800) සදහා තම ගැත්තන් පත්කර ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදි තිබෙනවා.


.මේ වන විට එම පත්වීම් ලබාදීම සදහා රාජ්‍ය සේවා  කොමිෂන් සභාව කටයුතු කරමින් සිටිනවා. මෙයට එරෙහිව ඉදිරි යේදී දැඩි ක්‍රියා මාර්ග ගැනීමට තිරණය කොට තිබෙනවා.


 දේශපාලන පලි ගැනීම්  කියල එක පාරක්  මේ අයට වැටුපප් වර්ධක ලබා දුන්න.දැන් අයෙත් නිති විරෝධි ආකාරයට පරිපාලන නිලධාරි තනතුරු දෙන්න යනවා. පාසලේ තාප්පය කඩලා තිබුණා  නම් එකත් දේශපාලන පළි ගැනිමක්.එදා  ලංකා ගුරු සංගමය  නඩු කියල තමා විභාගය සමත්වූ ගුරුවරු හාරදහස්  හය සියකට විදුහලපති පත්වීම  ලබා ගත්තේ.    අද වන විට සමස්ත රාජ්‍ය සේවයම බිද  බිද වැටිලා අධ්‍යාපනය දරුණු ඛේදවාචකයට ලක් වෙලා .

කොළ ගොඩටකටයි  විභාග ලකුණු  වලටයි  ගුරැවරයා හිර කරලා  ගුරුවරය  පිඩාවට පත් කරලා.අධ්‍යාපනය කියන්නේ විභාග ලකුණු විතරක්මද. අදවන විට අධ්‍යාපනයේ තරගයක් ඇති කරලා .දැන් කැබිනට මණ්ඩලය තීරණය කරලා  තියෙනවා  පුදගලික පාසල් කීපයක්  රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇති කිරීමට . මේ හදන්නේ අධ්‍යාපනය පුද්ගලික අංශයට පත් කරලා නිදහස් අධාපනයෙන් රජය ඈත් වී සිටීමටයි . මෙය කෙසේ හෝ පරාජය කළ යුතුයි