විපක්ෂයේ ඇතැම් අය කකුලෙන් අදිද්දී දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වීම සුළුතර ආණ්ඩුව ලැබු අති දැවැන්ත ජයග්‍රහණයක් යැයි ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (30) පැවසීය.
කියන දේ කරන, කරන දේ කියන වත්මන් ජනාධිපතිවරයා බලතල කප්පාදු කරන සංශෝධනය සම්මත කිරීමට කළ කැප කිරීම සුළුපටු නොවන බවද කරුණාතිලක මහතා කියා සිටියේය.
යටි උගුල් ඇදි විවිධ බාධක මැඩ විපක්ෂයේ බහුතරය දිනා ගැනීමට සුළුතර ආණ්ඩුවට හැකිවුයේ පොදු ජනතාව, මාධ්‍යවේදීන් ප්‍රමුඛ මාධ්‍ය ආයතන ලබාදුන් සහායෙන් බවත්, එම සංශෝධනයට එරෙහිව පෙනය පිප්පු නයින් සම්මත වු පහු ගැරඬියන් බවට පත් වු බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා කීවේය.
ඡායාරූප - තිළිණි ද සිල්වා



