(අංජුල මහික වීරරත්න)
මේ වසරේ දෙසැම්බර් වන විට අනෙක් සියලු දේශපාලන පක්ෂ අභිබවා යන බලවත් දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය අප ශක්තිමත් කරන බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් යමක් මතක් කරන්න කැමති බව කී රංගෙ බණ්ඩාර මහතා රට දුර්වල නොකර සියලු දෙනාටම එක තැනකට එන්නැයි විවෘත ආරාධනාවක් කරන අතර ඊට ලැජ්ජා විය යුතු නැති බවද කීය.
ජනතාව එකතු වන ලෙස කියන නමුත් එකතු විය යුත්තේ මහගෙදරට මිස කුලී ගෙදර නොවේයැයි ද පැවසීය. මූලිකම අරමුණ විය යුත්තේ පක්ෂයක් හෝ පුද්ගලයකු බේරා ගැනීම නොව රට බේරා ගැනීම බවද රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේය.

