(මුදිතා දයානන්ද)
දංකොටුව නගරය ආසන්නයේ පාළු ඉඩමක සඟවා තිබියදී සොයාගත් තෙල් බවුසර්වල ඇත්තේ විෂ පොල්තෙල් බවට කිව නොහැකි බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.
මෙරට නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් ප්‍රමිතිකරණයට ලක් නොවන බව කී සභාපතිවරයා අලෙවිය තහනම් කර ප්‍රති අපනයනය කරන්නැයි නියෝග කළ විෂ රසායනික අඩංගු විෂ රසායනික අඩංගු පොල්තෙල් මෙම බවුසර් දෙකෙහි ඇත්යි දැන්ම කිව නොහැකි බව ද කියයි.

