පසුගිය පොහෝ දින මා ඉහත මාතෘකාව යටතේ විස්තර කළේ අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ‍්‍රී සද්ධර්මයෙහි ඉපදීම දුකක්, දුකට මුල්වන ඉපදීමට හේතුව ඇලීම බැදීම වන තන්හාව කුමක්ද, එය ඇතිවන ආකාරය පිළිබඳව මාගේ දැනුමේ මට්ටමින් විස්තර කිරීමයි. එම ලිපිය සඳහා බොහෝ අය ප‍්‍රතිචාර දක්වා තිබුනා, මා සමග දුරකථනයෙන් අදහස්ද හුවමාරු කරගත්තා ඒ සිය`ඵ දෙනාම දැක්වූ ප‍්‍රතිචාරවලට ධර්මඥ්ඥාණය අවබෝධ වේවායි ප‍්‍රාර්ථනා කරනවා. එම ලිපියට එක් මහත්මයෙක් (නුවන්) අදහසක් ප‍්‍රකාශ කර තිබුණා, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවැරදිව බලන්න නිවන් අවබෝධයට මුල්විය යුත්තේ ප‍්‍රඥාව බව, එය ඇත්ත නමුත් ප‍්‍රඥාව ලබා ගැනීමට යායුතු මාර්ගයක් ඇත. සම්මා දිට්ඨිය සම්පූර්ණ වූ විටයි ප‍්‍රඥාව වැඩෙන්නේ, සම්මා දිට්ඨියේ අවස්ථා දෙකක් තිබෙනවා, (1) ලෞකික සම්මා දිට්ඨිය (2) ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනුවෙන් ද දිට්ඨියද යහපත් අයහපත් වශයෙන් අවස්ථා දෙකකි. පෙර භවයේ කර්මය අනුව යහපත් දැක්මක් ඇතිව ඉපදෙන පෘතග්ජන පුද්ගලයෙකුට නිවන් මාර්ගයට යාමට උපකාරී වන්නේ ලෞකික සම්මා දිට්ඨියයි. (කම්මස්සකථා සම්මා දිට්ඨිය) මෙතන මේ ඇත්තාට ඇත්තේ යහපත් දිට්ඨියයි. මේ අවස්ථාවේ ප‍්‍රඥාව මුල්වෙනවා, නමුත් අප බුදුන් දේශනා කල (සතිපට්ඨානය වඩන විට) ප‍්‍රඥාව තුලින් යහපත් අයහපත් දෙකම නැති වෙනවා, එවිටයි දිට්ඨියයි සංකප්පයයි සම්මා වන්නේ එනිසයි ශීලයෙන් සමාධියත් සමාධියෙන් ප‍්‍රඥාවත් වැඩිය යුතු බව දේශණා කර ඇත්තේ (සීලෙ පතිටඨාය නරෝස පඤ්ඤෝ* මෙය ලෝකෝත්තර වීමේ මාර්ගයයි. ලෞකික ලෝකය අතහැර ලෝකෝත්තර වීමට ලෞකිකත්වය අවබෝධ කර ගැනීම ශීල සමාධි ප‍්‍රඥා වැඞීමට උපකාරී වන බව කිව යුතුය. මාගේ දැනුමේ තරමින් නුවන් මහත්මයාට පිළිතුර කෙටියෙන් මෙසේය.
පින්වතුනි, පෙර ලිපියේ සඳහන් කළේ මාතෘකාවේ ප‍්‍රධානම කාර්ය පිළිබඳවයි. එයනම් තණ්හාවයි. මෙවර ලිපියෙන් මා විස්තර කිරීමට අදහස් කරන්නේ බෞද්ධයෙකුගේ නිවන්දොර වසන යලි සංසාරයේ ඉපදීමට හේතුවන තන්හාව නැමැති මාරයා ශීල සමාධි ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාවන් තුලින් බැහැර කරගෙන නිවන් මාර්ගය අවබෝධ කරගන්නා ආකාරය පිළිබ`දවයි. මේ පැහැදිලි කිරීම අප බුදුරජාණන් වහන්සේගේ දැනුමවත්, මාගේ ගුරු ස්වාමීන්වහන්සේගේ දැනුමවත් නොව මාගේ ඥාන ශක්තිය අනුව වටහාගත් දෙය බව කිව යුතුය. ඒ දැනුම ඔබට ලියනවිට ඔබදෙන අදහස් අනුව මාහට ශක්තිමත් වීමටත්, නිවැරදි වීමටත්, හැකි මාර්ගයක් බව සිතමි. නිවන්මග නිවැරදිව දැන ගත හැක්කේ නැවත සම්මා සම්බුදු වරයෙක් පහල වූ දිනකදීය. අපගේ වායාමය අප තිලෝගුරු අමාමෑණී ගෞතම නම්වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ ධර්මය අනුගමනය කිරීමේ උත්සාහයකි. නිවැරදි ගුරු උපදෙස් ලබමින් ගන්නා උත්සාහයේ ප‍්‍රතිඵල ඇත.
නිර්වාන මාර්ගය යනු උපාදානය නැති කරගන්නා මාර්ගයයි. උපාදානය යනුවෙන් අදහස් වන්නේ හටගැනීමයි. මේ උපාදානයට මූලික වන්නේ අප ශරීරය තුල ඇති ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන් තුලින් දෙන දිට්ඨිය නිසයි. මෙය ගෙනා කර්මය අනුව යහපත් හෝ අයහපත් විය හැක. මේ ලබන දිට්ඨිය තුලින්, උදාවෙන සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි, පංච උපාදානස්කන්ධයේ ප‍්‍රතිඵලයයි. මෙසේ සිදුවන උපාදානය යහපත් වූවොත්, යහපත් හොද සැප සංසාරයක් සාදාගත හැක. මේ දැක්ම අයහපත් වූවොත් දුගතියේ තිරිසන්, පේ‍්‍රත, අවීචිමහා නරකාදියේ දුක්විදින සංසාරයක් සාදාගත හැක. අප බුදුරජාණන් වහන්සේ දැක දැන අවබෝධකරගෙන දේශණාකලේ යහපත් අයහපත් සංසාර දෙකම දුකක් මිස සැපක් නැති බවය. නිවන යනු සංසාර ගමන නැවතීමයි. ඒ ස`දහා අනුගමනය කල යුතු අප ළඟ ජීවත් වීමේ දී සිදුවන දැක්ම, සිතුවිලි, වචන, ක‍්‍රියාව, පැවැත්ම ස`දහා කරනදෙය, ඒ ස`දහා ගන්නා උත්සාහය සිහිකල්පනාව සහ එක`ගබව ආර්ය මාර්ග පිළිවෙතට ගෙන යහපත් අයහපත් දෙකම නැතිකර ගැනීමේ මාර්ගය තුලින් එදිනෙදා ගතකරන ක‍්‍රියාවේ යොදවන කරුණු අට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කර ‘‘සම්මා’’ කිරීමයි.
පින්වතුනි, නිවන් අවබෝධකර ගැනීමට සියලු කෙලෙස් නසා රහත්විය යුතුය. රහත්වීමට නම් කෙලෙස් දැඩි වීර්යෙන් යටපත් කරමින් අනාගාමී වී සිටිය යුතුය, අනාගාමී වීමට නම් කෙලෙස් දැක උත්සාහයෙන් වීර්යයෙන් යටපත් කර සකෘදාගාමී වී සිටිය යුතුය, සකෘදාගාමී වීමට නම් කෙලෙස් දකිමින් යටපත් කර ගැනීමෙන් සෝවාන්වී සිටිය යුතුය, සොවාන් වීමට නම් කෙලෙස් වි`ද කෙලෙස් බව දැන අවබෝධකර ගනිමින් කෙලෙස් යටපත් කර ගනිමින් සෝවාන් වී තිබිය යුතුය, සෝවාන් වීමටනම් නිර්වාන මාර්ගයේ පලමුවෙනි සුදුසුකම වන පවට ලැජ්ජා භය (හිරි, ඔත්තප්ප) ඇති දේව ධර්මය අනුව මනුෂ්‍යයකු විය යුතුය. කල්ප ගණනාවක් ඉපිද ඉපිද මැරි මැරී ආ ගමනේදී දැන් අප සිටින්නේ තවත් නවාතැනකය. පෙර භවවල කළ කී දෙය නොදැන ගත්තත් මේ භවයේ ඉපදී කරනදේ දන්නේ දෙමාපියන්වත්, ස්වාමියෙක්වත්, බිරි`දක්වත්, දරුවොවත්, ඥාතීන්වත් නොව තමන්මය. එය නොදැනෙන්නේ පෙර භවවල කල අකුසල කර්මවල ප‍්‍රතිඵලය වශයෙන් පවට ලැජ්ජා භයනැති, දුශ්ශීල, මිථ්‍යා දුෂ්ඨිකව ඉපදීමයි. එමනිසා මනුෂ්‍ය ගති පැවතුම් ඇතිව අප බුදුරජාණන් වහන්සේ දේශණා කළ නිවන් මාර්ගය විවර කර ගැනීමට කල යුතු දේ බලමු.
පින්වතුනි නිවන පසක් කර ගැනීමට ශීල සමාධි ප‍්‍රඥා වැඩිය යුතුය. එහි ප‍්‍රථමයෙන් මිනිසාගේ වැඩියෙන්ම භාවිතාවෙන වචනය, ක‍්‍රියාව, පැවැත්මට කරන දෙය සංවර විය යුතුය. එනම් වාචා කම්මන්ත ආජීව වන ශීල ශික්ෂාව සම්පූර්ණ විය යුතුය. මා ඉහතින් ස`දහන් කල පරිදි මේ ගමනේ පළමු පියවර මනුෂ්‍යයෙකු වීමයි. මිනිසත් භවයේ වටිනාකම දැනගත් අය බුදු දහම කෙරෙහි දැඩි වෙනස් නොවන විශ්වාසයක් ඇතිකරගන්නවා. මේ විශ්වාසය ශ‍්‍රද්ධාවයි. මේ ශ‍්‍රද්ධාවන්තයා බුදු දහමේ කියා දී ඇති ප‍්‍රතිපත්ති පුරන්න උත්සාහගන්නේ ශීල සංවරයෙනුයි. මෙවර ලිපියෙන් මා උත්සාහ ගන්නේ තන්හාව ඇතිවන හතර පොලෙන්, පිටස්තරයෙන් සහ ශරීර ක‍්‍රියාවෙන්, තන්හාව ඉවත්කර ගෙන වාචා කම්මන්ත ආජීව සම්මා කරගන්නා ආකාරය පැහැදිලි කිරීමටයි.
පින්වතුනි, අප බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව තන්හාව ඇතිවන අවස්ථාවන් හතරයි. එම අවස්ථානම් පිටස්තර ලෞකික දේවලිනුත්, ශරීර ක‍්‍රියා කාරිත්වයනුත්, සංකල්පයෙන් හා දිට්ඨියෙන් බවයි. තන්හාව ඇතිවන අවස්ථාවන් පෙන්වා දුන්සේම එය නැති කරගත හැකි මාර්ගයද පෙන්වා දුන්නේ මෙලෙසය. ‘‘ධම්ම චක්කප්පවත්වන සූත‍්‍රයේ’’ දේශණා කල පරිදි හතර පොලක ඇතිවන තන්හාව දුරුකර ගත හැක්කේ ‘‘චාගෝ - පටිනිස්සග්ගෝ - මුත්ති - අනාලයෝ’’ යන ක‍්‍රියාකාරිත්වයෙනුයි. මෙය බුදුන් දේශනා කල ත‍්‍රිවිධ පුණ්‍යක් ක‍්‍රියාවයි. එනම් දාන, ශීල, භාවනා යනුවෙනුයි. චාගෝ යනු පරිත්‍යාගයයි, දීමයි. බෞද්ධ වචනයෙන් දානයයි. පටිනිස්සග්ග යනු අත්හැරීමයි. මෙය සිදුවන්නේ සිල් ආරක්ෂාකර ගැනීමෙනුයි. මුත්ති යනු මිදීමයි. මෙය සිදුවන්නේ සමථ භාවනාවෙනුයි. අනාලයෝ යනු නොඇලීමයි. මෙය සිදුවන්නේ විදර්ශනා භාවනා වෙනුයි. දාන ශීල දෙකම ශීල ශික්ෂාව සම්පූර්ණ කර ගැනීම සඳහාය. මේ ශීල ශික්ෂාව සම්පූර්ණ වනවිට පිටස්තරයෙන් සහ ශරීර ක‍්‍රියාවලියෙන් ඇතිවන තන්හාව නැතිවෙනවා, වාචා කම්මන්ත ආජීව සම්මා වෙනවා. වර්තමාන බෞද්ධයින් නිවන්පතා මෙම ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීමට උත්සාහගන්නේ පන්සල්යාමෙන් මල් පහන් පූජා කිරීමෙන් බෝධි පූජා තැබීමෙන්, සිල්ගැනීමෙන්, බණ ඇසීමෙන්ය. මේවා සියල්ල ආමිස පින්කම්ය. මෙය ප‍්‍රතිපත්තියට හරවා ගත යුතුය. උදැල්ල සම්පූර්ණ වෙන්නේ තලයයි මිටයි දෙකම සම්බන්ධ උනාම වගේ, ශීල ශික්ෂාව සම්පූර්ණ වීමට ආමිසය ප‍්‍රතිපත්තියක් කරගත යුතුය. සිල් ප‍්‍රතිපත්තියෙන් ආරක්ෂාකර ගනිමින් දානය දිය යුතුය. වාචා කම්මන්ත ආජීව සංවර නොවී දාන දීමෙන් පලක් නැත. දාන නොදී සිල් ආරක්ෂාකලාටද පලක් නැත. තන්හාව පිටස්තරයෙන් සහ ශරීරයෙන් ඉවත් කරගැනීමට නම් තමන්ගේ හා භෞතික දේවලට ඇති ආශාව දුරුකර ගැනීමට දානය දීමෙන්ද ශරීර ක‍්‍රියාවලියෙන් තිබෙන තන්හාව ඉවත්කර ගැනීමට පන්සිල්, අටසිල්, දසසිල් සමාදන්වී ප‍්‍රතිපත්තියෙන් ආරක්ෂා කර ගැනීම කල යුතුය. මෙලෙස දීමත්, අත්හැරීමත් දෙකම (චාගෝ - පටිනිස්සග්ග) අවබෝධයෙන් සිදුවන විට ශීල සංවරය වන වාචා කම්මන්ත ආජීව සම්මා වන බවයි, සම්මා වීම යනුවෙන් අදහස් වන්නේ ආමිසයටත් ප‍්‍රතිපත්තියට ඇති ආශාව නැති වීමයි. මෙය සිදුවූවාට පසු උදැල්ලම විසිකර දමන්න. ශීලය අසංවර වන්නේ එය ආරක්ෂාකර ගැනීමට ඇති වීර්ය දුර්වල වූ විට බව සැම විටම සිතන්න. මෙතෙක් පැහැදිලි කලේ ශීල සංවරය ගොඩනගා ගැනීමට දානයත්, අතහැරීමත් (චාගෝ - පටිනිස්සග්ග) තුලින් මාගේ කියන දේවලින්ද, ශරිර ක‍්‍රියාවෙන් ද ඇතිවන තන්හාව දුරුකර ගන්නා ආකාරයයි. ශීල ශික්ෂාව සම්පූර්ණ කරගන්නා විස්තරය කෙටියෙන් මෙසේය. මින් පසුව නොපෙනෙන සිතුවිලි වලින් සහ දැක්ම (සංකප්ප සහ දිට්ඨි) මුත්ති අනාලයෝ ක‍්‍රියාවන් තුලින් තන්හාව ඉවත්කරගෙන සමාධියට සහ ප‍්‍රඥාවට පැමිණ ඉතිරි අංග පහ සම්මා කරගන්නා ආකාරය ලබන පොහෝය දින දැන ගනිමු. ‘‘තණ්හා පච්චයා භවෝ’’ යන මෙම දහම් ලිපිපෙල අවසාන වන තෙක් එකතුකර තබාගන්නා ලෙස ඉල්ලමින් ලබන මස ලිපිය දකිනාතෙක් කියා දුන් කරුණු උපයෝගි කරගෙන සත්‍ය ඥානයත් කෘතය ඥානයත් පහල වේවායි පතමි.
(දෙවැනි කොටස)
තෙරුවන් සරණයි !
මෙයට,
ශාසන ලැදි
සෝමතිලක හෙට්ටිආරච්චි (071 2385967)